Spread the love

පාසල් සිසුවියන් සමඟ ළමා දින සැමරුම් වැඩසටහනකදී නර්තනයේ යෙදෙමින් විනෝද වූ ගුරුවරියන් සම්බන්ධයෙන් ආරම්භකල පරීක්ෂණ වාර්තාව තමා වෙත ලැබී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පවසයි. නමුත් එම ගුරුවරියන් සම්බන්ධයෙන් සහ එම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

එම සිදුවීම පාසැල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගිත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාකාරකමක් බව වාර්තා වී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.