මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ විෂයය සම්බන්ධ විශේෂඥයන් 03 දෙනෙකුගෙන් යෝජිත කමිටුව සමන්විත වන බවද, විමර්ශනයේ මූලික වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.
දිග මීටර් 35ක් පමණ වන මෙම කොන්ක්‍රීට් බාල්කය පසුගිය 04 වැනිදා කඩා වැටී ඇති අතර, ඒ ආසන්නයේ ඇති තවත් බාල්ක දෙකක් අවදානමට ලක්ව ඇති බවයි මාර්ග සංවර්ධන අධීක්ෂකවරයා පවසා සිටියේ.
