Spread the love


නිමල් රාජපක්ෂ-
පලාත් පාලන මැතිවරණය හේතුවෙන් මැයි මස 5 සහ 6 වැනි දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නැගෙනහිර කොළඹ ජන්ද මධ්‍යස්ථානයක් ලෙස ගැසට් කර තිබෙන හෙයින් 6 වැනි දින පැවැත්වෙන මැතිවරණ රාජකාරී නිසියාකාරයෙන් සිදු කිරිම සදහා මෙම තීරණය ගෙන ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.