Spread the love

ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන වැට් බදු සංශෝධනය හේතුවෙන් බස් ගාස්තු 15%ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන මිල ඉහල යාම, හා සෙසු යෙදවුම්ද මිල ඉහල යාම සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇතැයි සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස් ගාස්තුව සංශෝධනයක් සිදු නොකරන්නේ නම් රට පුරා අඛණ්ඩ බස් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද සංගමය කියා සිටී.