නිමල් රාජපක්ෂ
ඉදිරියේදී සාමාජිකයකුගේ මරණයකදී රුපියල් පනස්දහසක මුදලක් පරිත්‍යාග කිරිමට පියවර ගන්නා බව විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව් .එම්.ඩී පියසෝම මහතා පවසයි.

පියසෝම මහතා එසේ පැවසුවේ විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ 12 මහ සභා රැස්වීම අලව්ව කේතුමතී උත්සව ශාලාවේදී ඊයේ (12) පැවැති අවස්ථාවේදීය.
තව දුරටත් අදහස් දැක්වු පියසෝම මහතා, තම සංගමය ආරම්භයේදී මරණයකදි සාමාජිකයාට පමණක් මුල්‍යමය ආධාර මුදලක් ලබා දුන්නා. නමුත් කාරක සභාවේ තීරණයකට අනුව මෙම මුදල් පරිත්‍යාගය සාමාජිකයාට , සාමාජිකයාගේ බිරිදට හෝ අවුරුදු විසි එකට අඩු නොබැදපු අයකු වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇතැයිද පියසෝම මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු පියසෝම මහතා මේ වනවිටත් ඇදගත රෝගීන් බලන්නට ගොස් ඹවුන්ට මුල්‍යමය ආධාර ලබා දීමට කටයුතු කරනවා.දුම්රිය ආරක්ෂක සේවයට බැදුණු කිසි කෙනෙකුගේ ජීවිත වැරදිලා නැහැ. සමාජයේ ඉහළම තලයේ ජීව්ත්වීමට හැකියාව ලැබි තිබෙනවා. දුම්රිය ආරක්ෂක සේවයට බැදුණු කෙනෙකුට කවදාවත් වැරදී නැහැ තැනැයිද පැවසුවේය.
විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ සභාපති විපුල යටිවැල්ල මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
