Spread the love


මාරවිල හා හලාවත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි විදේශීය මත්පැන් හා නීති විරෝධී මත්පැන් තොගයක් වටලා රුපියල් 1393000 ක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගයේ තීරු බදු නොගෙවූ විදේශීය මත්පැන් බෝතල 46 ක්ද ,නීති විරෝධී මත්පැන් බෝතල 1025 ක්ද තිබු බව වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න මහතා පවසයි

.වීඩියෝව නරඹන්න subscribe කරන්න


තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් බෝතලයක් රුපියල් හත්දාහත් ,නමදාහත් අතර මිලකට සැකකරුවන් අලෙවි කරන අතර ව්‍යාජ ගැණුම් කරුවකු යොදා මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේ විදේශීය මත්පැන් තොගය සමග සැකකරුවන් කොටු කර ගැනිමට සුරාබදු නිළධාරීන් සමත්වී ඇත.


හලාවත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් තොගයක් බෙදා හැරීමට සුදානම් කර තිබියදි ඉතා සුක්ෂම අයුරින් කොටු කරගත් අතර සැකකරුවන් මත්පැන් තදාසන්න ප්‍රදේශවලට බෙදා හරින බවද මේහීදී සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි හලාවත හා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වයඹ සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත,සුරාබදු අධිකාරී තිස්ස කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,කුරුණෑගල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න මහතාගේ අධික්ෂණය යටතේ ,පරීක්ෂක වරුන්ව ඩබ්ලිව් පෙරේරා,සම්පත් කරුණාදාස ,බී.එල්.විජේසිංහ, හෂාන් ,සැරයන් මේජර් විජේරත්න, සැරයන් නානායක්කාර , කෝප්‍රල් වරුන්වන හේරත්,රත්නායක ,ඉන්දික ,ජයසුරිය,අතපත්තු ,බන්ඩාර,සුරාබදු නියාමකවරුන්වන ජයසේකර ,ඩයස් ,දිසානායක ,බංඩාර,රියදුරන්වන බුද්ධික ,චන්ද්‍රසේන යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.