කොරෝනා ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ට දිගුකාලීන රෝග ලක්ෂණ පවතින බවට අනාවරණය වී ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
රෝග ලක්ෂණ ලෙස අසාමාන්‍ය හුස්ම ගැනීම ,උදරය ආශ්‍රිත රෝග,කාන්සාව,මානසික අවපීඩනය,පපුවේ සහ උගුරේ වේදනාව සංචරණ ගැටලු ,තෙහෙට්ටුව,හිස රදය සහ මාංශ පේෂි වේදනාව හඳුනා ගෙන ඇතිබව පැවසීය.
කොරෝනා රෝගීන්ගෙන් 15%ක් කාන්සාව සහ මානසික අවපීඩනයෙන් පෙළෙන බව එහිදී පැවසීය.මාංශ පේෂී වේදනාවෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 01.5 බව පැවසීය.වෙනත් සංකූලතා වලින් 07%ක් පෙළෙන බව පැවසීය.කොරෝනා ආසාදනය වී දින 90 -180 අතර කාලයේදී මෙම රෝග ලක්ෂණ හඳුනා ගෙන ඇතිබව වැඩිදුරටත් පැවසීය.
