මෙරට වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයන් සදහා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා මේවන විට දිවයිනට ලැබි ඇතිබව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
මේවන විට මිලියන 32 වැඩි එන්නත් මාත්‍රා දිවයිනට ලැබි තිබේ.ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍යව තිබූ එන්නත් මාත්‍රා තොගයක් අද අළුයම දිවයිනට ලැබුණු බව පැවසීය.
කඩිනමින් අදාළ පුද්ගලයන් වෙත එන්නත් ලබාදීමට පියවර ගන්නා අතර සෞඛ්‍ය නිලධාරී කාර්යාල,රෝහල් සහ ජංගම එන්නත් රථ මගින් සහ තෝරා ගත් විශේෂ ස්ථාන වලදී එන්නත් ලබාදීම සිදුකරන බව පැවසීය.
