ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත්වුණි.
ඒ අද තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 143ක් රැස්කර ගත්තේය.
ලකුණු 144ක ජයග්රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පස්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණි.
ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 11 කදී රැස්කර ගතයුතු වු ලකුණු සංඛ්‍යාව 75කි.
ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුලු 3ක දැවි ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තේය.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණි.
කෙසේවෙතත් අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් පරාජයට පත්වු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවී තිබේ.