Spread the love

සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙහිදී ඇතැම් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර
ගැනීමට අවශ්‍ය පියයර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.