අද(14) සිට ෆයිසර් බූස්ටර් මාත්‍රාව කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට ලබාගත හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසූවාය.
කොළඹ නගරයේ රැකියාවේ නියුතු හෝ පදිංචි අයටද තමන් ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් බූස්ටර් එන්නත ලබා ගත හැකිය.
දෙවන මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ගත වී ඇති පුද්ගලයන්ට මෙම බූස්ටර් මාත්‍රාව ලබාගත හැකිය.නමුත් දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඊට මාස හයකට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතු බව පැවසූවාය.
මේ අතර (13) ඊයේ තවත් කොරෝනා ආසාදිතයන් 747 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 573,649 දක්වා ඉහළගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේවන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 545,443 වෙයි.ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14,641 දක්වා ඉහළගොස් තිබේ.ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 27 ත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව එලෙස ඉහළගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් පවසයි.
