
පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පෝලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව එම කොමිසමේ නිලධාරීන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.