අනුමැතිය ලත් විගස ලබන 21 වනදා සිට දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි..
ඒ අනුව එදින දුම්රිය ගමන් වාර 128ක් ධාවනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. අන්තර පලාත් දුම්රිය ධාවනයට එක් කිරීමටද නියමිතයි.
මහනුවර ,මාතර ,බෙලිඅත්ත ,ගාල්ල සහ හලාවත යන ප්‍රදේශ වලට දුම්රිය ධාවනය කරන බව ජයසුන්දර මහතා පැවසුවේය.
මේවන විට දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය පිළිසකර කිරීම සහ අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇතිබවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
