Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ගෙදර යැවීමට පෙර පවතින අර්බුදය සමනය කර ගැනීමට සිදු කළ යුත්තේ ඔවුන් ලවාම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

මේ බව පැවසුවේ අද (10) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමින් සඳහන් කළා.

තවත් සති කිහිපයක් ගත වන විට ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට සිදුවන බවත් හෙට කවුරුන් පත්වුවද මෙයට මුහුණදීමට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාලකයින්ට නීතියෙන් හොරකම් කිරීම සඳහා බලකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති ලෝකයේ එකම රට ලංකාව බවත් ඔහු පවසා සිටියා. මොවුන් ගෙදර යැවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්, නමුත් ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මොවුන් ලවාම සිදු කර ගත යුතු බවත්, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.