Spread the love

අද (24) දිනයේ ගෑස් ලබා ගැනීමට වෙළද සැල් කරා නොපැමිණෙන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ කිලෝග්‍රෑම් 12.5,කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 02.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව පැවසීය.

ගෑස් තොග අනිසි ලෙස රැස් නොකිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින අතර වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිළදී ගැනීම සිදු නොකරන ලෙස මහජනතාවට දැනුම් දෙයි.

මේ අතර තවත් ගෑස් නෞකා දෙකක් සදහා ඩොලර් මිලියන 06.5 මුදලක් ගෙවා තිබේ.එම නෞකා දෙකේ ගෑස් මෙට්ට්‍රික්ටොන් 7000ක් රැගෙන එන බව එහිදී පැවසීය.ලබන (26) බ්‍රහස්පතින්දා වනවිට එම නෞකා දෙක මෙරටට සේන්දු වීමට නියමිතයි.මේ අතර ගෑස් ලබා ගැනීම සදහා දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැදී සිටීයි.