Spread the love


පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වු අංක 535 දරණ කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කල පරික්ෂාවකදී ප්‍රවේශ පත්‍ර නොමැතිව හා තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 50 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 22 දෙදෙනකු සිටි බවද කොටුව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
අදාල දුම්රියේ අද(11) පෙරවරු 07.00 පමණ රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශපත්‍ර පරීක්ෂාව සිදු කොට තිබේ.
එහිදී මගීන් විශාල පිරිසක් තුන්වන පංතියේ ප්‍රවේශ පත්‍ර හා ප්‍රවේශපත්‍ර නොමැතිව දෙවන පංතියේ වාඩි වී සිටියදී කොටු කර ගැනිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
මේසේ අත්අඩංගුවට ගත් මගීන් පිරිසෙන් ඒ මොහොතේම විසි පස් දෙනෙකුගෙන් රුපියල් හැත්තෑහයදාස් එකසියයක (76100/-)දඩ මුදලක් අයකරගෙන ඇත.
ඉතිරි මගීන් ඒ මොහොතේ දඩමුදල් ගෙවිමට නොහැකි බැවින් මුදල් සොයා ගෙන ඒම සදහා ඇපකර තබා ගොස් තිබේ.
එක් දිනකදී පැය දෙකක් ඇතුළත දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිදු කළ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවේදී 50 දෙනකු කොටුකර දඩ මුදල් අයකර ගත් විට දුම්රිය දෙපාර්තුමේන්තුවට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩමුදලක් ලබා දිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී තිබේ.
මගීන් ප්‍රවේශපත්‍ර ලබාගෙන තමන්ට හිමි පංතියේ ගමන් කරන්න .දිගින් දිගටම මින් ඉදිරියට ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බැදුන් නියමිත පංතියේ ගමන් නොකල අසුවුව හොත් කිසිදු සමාවක් නොදෙන බවද දුම්රිය ආරක්ෂක නිලධාරිහු පවසති.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,පරීක්ෂක සාන්ත සිරි මහතාගේ අධීක්ෂණය යටතේ,කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ප්‍රශංසා විජේසිංහ, උප පරික්ෂක සමන් කිර්ති ,සැරයන් වරුන්වන රොෂාන් ප්‍රියන්ත ,ලලිත් ලොකුවිතාන ,ඒ .එස්.එම්. ඩයස් ,කිත්සිරි අමරසේකර ,නන්දන තිලක ,කාන්තා ආරක්ෂක නිලධාරිනියන් වන සේපාලි ,දුරංගි ලීලාරත්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.