Spread the love


“ගමට සන්නිවේදනය” යන වියාපෘතිය යටතේ මුළු දිවයිනටම 4G පහසුකම ලබාදීම කඩිනමින් අවසන් කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕශධ සේනානායක මහතා පවසයි.

4G පහසුකම් නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 37ක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර ලබන මාසය වනවිට අවසන් කිරිමට නියමිතය .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 47ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් සන්නිවේදන කුළුණු 23ක් මේ වනවිට එම ව්‍යාපෘතිය යටතේ පවතින අතර , අනුරාධපුරය,මහනුවර ,බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්ක වල 4G පහසුකම් නොමැති ප්‍රදේශ වල සන්නිවේදන කුළුණු ඉදිකිරීම සදහා තාක්ෂණික අධ්‍යනයක් සිදු වෙමින් ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.