Spread the love

ලසන්ත අලගියවන්න පදනම මගින් 20 වන වරටත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ආදර්.ශ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන 175ක දී අද පවත්වන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්.ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මූලිකත්වයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය හා මඟ පෙන්වීම යටතේ ගම්පහ කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මැදිහත්වීමෙන් 5වසර සිසුන් සඳහා රජය මගින් පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගයටම අනුකූලව රජයේ සියළු මාර්.ග උපදේශන හා නීතිරීති වලට යටත්ව එම විභාග මධ්‍යස්ථානවලදීම මෙම ආදර් ශ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය පැවැත්වේ. සිසු දරුවන් හට මෙම වසරේ දෙසැම්බර් මස රජය මගින් පවත්වනු ලබන 5 වසර ශිෂ්‍යත්වයට පහසුවෙන් මුහුණ දීමට මෙම ආදර්.ශ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය ඉවහල් වනු ඇත.
මහර, දොම්පේ, අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාශ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙනු මෙම ආදර්.ශ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාශ 13ම ආවරණය වන පරිදි පවත්වන ලදී.
මෙවර මෙම ආදර්.ශ ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය පාසැල් 484 ක සඳහා සිංහල මාධ්‍ය සිසුන් 28168ක් හා දමිළ මාධ්‍ය සිසුන් 1644ක් පෙනී සිටියහ. මෙම ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාව අදාල පාසල්වල 5 වසර ශිෂ්‍යත්ව ගුරුවරුන් විසින්ම සිදු කිරීමට නියමිතය.
විභාග කටයුතු සියලු කලාප හ කොට්ඨාශ අධ්‍යක්ෂකවරුන්ගේද විෂය ගුරු උපදේශක මහත්ම මහත්මීන්‍ගේ අධීක්ෂණය මත පැවැත්වුණි