Spread the love

කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ සිව්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන්ට මෙම මාසය තුළ එම මාත්‍රාව ලබා ගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන් සිව්වන මාත්‍රාව ගැනීම වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වමින් ,උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව දින කිහිපයක් පවතින්නේනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් බව පැවසීය