Spread the love

රාජ්‍ය නිලධාරීන්ගේ අනීවාර්‍යය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමත් සමඟ රාජ්‍ය සේවයේ විශ්‍රාම යා හැකි අවම වයස අවුරුදු 60 දක්වා ඉහළ යන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මීට පෙර රාජ්‍ය සේවයේ අනීවාර්‍යය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ක් ලෙස පැවතියහ.එම අවස්ථාවේ විශ්‍රාම යා හැකි අවම වයස අවුරුදු 55 ලෙස පැවති බව සදහන් කරයි.

අනීවාර්‍ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළද මීට පෙර විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛන වල සදහන් අනීවාර්‍යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව හැර අනිකුත් විධිවිධාන ඒ අයුරින්ම ක්‍රියාත්මක බව සදහන් කරයි.

මේ අතර රාජ්‍ය සේවකයන් අනීවාර්‍යය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වැඩිකිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක ඩී.එම්.පී.බස්නායක මහතා පැවසීය