Spread the love

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙන තුරු මිතුරු නව රටක් වැඩ සටහන හා පරිසර අමාත්‍යාංශයේ හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන ද එක්ව ඔක්තෝබර් 10 වන දින පෙරවරු 10.10ට දිවයින පුරා ස්ථාන 10ක් ආවරණය වන පරිදි පැල 10,000ක් රෝපණය කිරීම සිදු කෙරේ.
එමනිසා මෙම වැඩ සටහන “හුස්ම දෙනතුරු දසතින් ම” ලෙස නම් කර තිබේ.මෙහි සමාරම්භක වැඩ සටහන ඔක්තෝබර් 10 දින පෙරවරු 10.10ට බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම අසල දී පැවැත්වේ.
එම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම වෙනත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.