Spread the love

පසුගිය 12 වැනිදාට යෙදෙනු සිරකරු දිනයට සමගාමීව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ (19) ඊයේ නිදහස ලැබුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

නිදහස ලැබුණු සිරකරුවන් අතර මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු ,බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 07 සහ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 05 සිටියි.

ජනාධිපති සමාව ලැබු සිරකරුවන් පීසීආර් පරීක්ෂණ සදහා ඊයේ යොමුකර තිබේ.එහි ප්‍රතිපල ලැබීමෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වීමෙන් පසුව බන්ධනාගාර වලින් නිදහස් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබුණු කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය නොවීම හේතුවෙන් නිදහස් කර තිබේ.අනෙකුත් සිරකරුවන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා (20) අද ලැබීමට නියමිතයි.එම වාර්තා ලැබුණු පසු වාර්තා පරීක්ෂා කර බලා අනෙකුත් නිදහස ලැබූ සිරකරුවන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.