පළමුවැනිදා රට විවෘත කිරීමෙන් පසුව විවාහ මංගල උත්සව පැවැත්වීමේදී පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදු කිරීමට අවස්ථාව
ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,ඉතා සුළු පිරිසක් කැදවලා පෝරුවේ චාරිත්‍ර පමණක් සිදු කිරීමට ත්,එසේ පැමිණෙන සියළුදෙනා වැක්සින් දෙකම ලබා ගෙන සිටිය යුතු බවයි.එවැනි නිති යොදවලා මත්පැන් වලින් තොර මංගල උත්සවයක් පැවැත්වීමට පවුලේ අය විතරක් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්න අවස්ථාව ලබාදෙන්න යනුවෙනි.
