ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බවයි වාර්තාවෙයි.
නමුත් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යයක් නොවන බවත්, නමුත් එම ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මීට පෙර අවස්ථාවන් වලදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරා ගැනීමට හැකිවූ බව ද, මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
