කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් දින 15 ක් තුළ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.
CCTV දර්ශන මඟින් රථ වාහන වැරදි හඳුනා ගැනීමේ වැඩසටහන පසුගිය මාසයේ ආරම්භ කෙරිණ.
