ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තෙක් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
මෙවර උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට තමනට ලබාදී තිබු තීන්දුවට එරෙහිව විදුලි බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව ජනතා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත.