Spread the love


.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) තෝරාගත් අංශ වෙත IATA Travel Pass යෙදුම අත්හදා බැලීම ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ඩිජිටල් බලපත්‍රය ක්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ගුවන් සේවා අතරට ශ්‍රීලංකන් ගුවන් සේවය ද එක්වේ. ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවය බවට පත් වීමේ ගුවන් සේවයේ දැක්මට අනුව මගී ගුවන් ගමන් ආරම්භවීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තවත්
ආරම්භයක් මෙමගින් සනිටුහන් වනු ඇත.
IATA සංචාරක ගමන් බලපත්‍රයේ වැඩි දියුණු කළ ඩිජිටල් සේවාව මගින් පාරිභෝගික අත්දැකීමක් සඳහා පහසුවක් එක් කෙරේ. මගීන්ට ඔවුන්ගේ ඡායාරූපය, ගමන් බලපත්‍ර තොරතුරු සහ ගුවන් ගමන් විස්තර ඇතුළත් කර ඩිජිටල් හැඳුනුම්පතක් සාදා ගත හැකිය. මෙම නව්‍ය විසඳුම මගීන්ට ආරක්ෂිත සහ පහසු සම්බන්ධතා ලබා දෙන අතර එමඟින් පාරිභෝගිකයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් ද ලබා දේ. IATA Travel Pass යෙදුම ඇපල් හි iOS සහ ඇන්ඩ්‍රොයිඩ්
මෙහෙයුම් පද්ධති වලින් බාගත කළ හැකිය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ, IATA Travel Pass යෙදුම වැනි කාලෝචිත නවෝත්පාදන ක්‍රියාවලිය හරහා මගීන්ට බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් ලබා දීමට හැකියාව ලැබෙන බවයි. එය ක්‍රියාත්මක කරන කලාපයේ ඉදිරියෙන්ම සිටින ගුවන් සමාගමක් වීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකිවීම ගැන ආඩම්බර වන බවද හෙතෙම පැවසීය. මගීන්ට තම ගමනේදී සහ ගුවන් තොටුපල තුළ සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා දත්ත ආරක්‍ෂාව සහිත පරිශීලක-හිතකාමී මෙම යෙදුම භාවිතා කළ හැකි බවද. ” ඒ මහතා පෙන්වා දුන්හ.
තෝරාගත් අංශ වල ගුවන් ගමන් සඳහා මගීන්ට IATA සංචාරක බලපත්‍රය ලබා ගත හැකි වේ. ගුවන් ගමනට පිටත්ව යාමට පෙර මගීන්ට අදාළ රටවල ඇති COVID-19 පරීක්‍ෂණය තොරතුරු සහ රසායනාගාර සේවා හඳුනා ගත හැකිය. ඒ සඳහා යෙදුමේ ඇති ඩිජිටල් හැඳුනුම්පත සහ ගුවන් තොරතුරු භාවිතා කරමින් අදාල රසායනාගාරයේ ලියාපදිංචි විය යුතුය. ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල මෙන්ම පියාසර කිරීමේ තහවුරු කිරීමේ තොරතුරු පහසුවෙන් යෙදුමේ දැක ගැනීමට ඔවුන්ට හැකි වේ. IATA
විසින් නම් කරන ලද “Timatic” මගින් කොවිඩ් -19 පරීක්ෂණ සහ ඇතුළත් වීමේ අවශ්‍යතා පිළිබඳ පසුබිම් තොරතුරු ලබා දෙනු ඇත.
ඊට අමතරව, පිටත් වීමේදී මගීන් ඔවුන්ගේ තහවුරු කළ පරීක්‍ෂණ තත්ත්වය යෙදුම පරීක්‍ෂා කරන කාර්ය මණ්ඩලයට පෙන්විය යුතුය. වර්තමාන නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව, මගීන් සාක්ෂි වශයෙන් සහතිකයේ පිටපතක් රැගෙන යා යුතුය. IATA සංචාරක ගමන් බලපත්‍ර යෙදුමට මගීන්ගේ Corporate Communications
www.srilankan.com තත්ත්‍වය සහ ගමනාන්ත අවශ්‍යතා මත ස්වයංක්‍රීයව පරීක්‍ෂා කිරීමට සහ එන්නත් සහතික කිරීමේ ක්‍රියාකාරිත්වය ඇතුළත් වේ.