Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුවට බලාපොරොත්තු විය හැක්කේ විශාල ජනතා කැළඹීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසයි.

මීට පෙර ඉන්දියාවෙන් රුපියල් බිලියන 3ක ණය ලැබුනු බවද, එම ණය මේ වන විට භාවිතා කරද අවසන් බව ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ කොන්දේසි පනවමින් බව​ද, එම කොන්දේසි බො​හෝ දුෂ්කර හෙයින් ඒ හරහා ආණ්ඩුවට ලැබෙනු ඇත්තේ විශාල ජනතා කැළඹීමක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි්‍.