Spread the love

වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන ලද බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට රට තුල විදේශ සංචිත ඉහළ යාමත් සමඟම මෙම ඉල්ලීම කරන ලද බව සංගමයේ ලේකම් පැවසීය.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයෙන් හා මහ බැංකුවෙන් මෙතෙක් එම ඉල්ලීමට ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ද ලේකම්වරයා සදහන් කලේය.

වාහන ආනයන තහනම මෙවර අයවැය මගින් තරමක් හෝ ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.

මෙරටට අවුරුදු තුනක් තිස්සේ වාහන ආනයන කර නැති නිසා පාරිභෝගිකයන් සේම ආනයන කරුවන්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.