Spread the love

ඉන්ධන සලාකය QR ක්‍රමවේදය හරහා වැඩි කිරීමට අවශ්‍ය විශේෂ ක්ෂේත්‍රයන් අත්හදා බැලීම මෙම සතියේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

තෝරා ගත් පෞද්ගලික සහ රජයේ ආයතන කිහිපයකින් මෙය ආරම්භ කරන බවඅමාත්‍යවරයා සඳහන් කරයි.

සංචාරක ඉන්ධන අවසරපත සහ රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා සඳහා ක්‍රමවේදය ද එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

එළඹෙන සතියේ සිට ඉන්ධන ලබා ගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබා ගත් පිරවුම්හලේ අංකයද නිකුත් කරන අතර එමගින් වංචනිකව QR කේතය භාවිතා කිරීම වැළැක්වීම​ට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.