Spread the love

QR කේතය සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතය සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර, අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර, නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි