Spread the love

අද වන විට සමගි ජන බලවේගය කෑලි පහකට කැඩී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මයන්ත දිසානායක, සරත් ෆොන්සේකා යන අය සමඟ වෙන වෙනම කණ්ඩායම් වශයෙන් එම පක්ෂය දරුණු බෙදීමකට ලක්ව ඇති බවද මහ ලේකම්වරයා පැවසීය.

ඒ අනුව ඉදිරි මැතිවරණයට සමගි ජන බලවේගය තුළ ඉතුරුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, මරික්කාර් තිස්ස අත්තනායක වැනි පිරිසක් පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.