Spread the love

X-fal නෞකාවේ ගින්නෙන් හානියට පත් මිගමුවේ කලපුවේ පොකුණු තුළ තිබු මොදා මත්ෂ්‍ය වගාව සිදු කරන වගා කරුවන්ට දැඩි බල පැම් එල්ල එම හානිය පිලිබදව
තක්ෂෙරු කිරිමෙන් අනතුරුව අදාල රක්ෂණ සමාගම්වලින් ලබාදුන් වන්දි මුදල් අදාල ධිවරයන් වෙත ලබාදිම අද 03 දින මිගමුව නගර සභා කාර්යාලයේදි ධිවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා මහතාගේ පුධානත්වයෙන් සිදු විය.

මිගමු කලපුව තුළ ධිවර පවුල් 57 ක් මොදා මත්ෂ්‍ය වගාවේ නියුතුව සිටි අතර නෞකාවේ ගිනනේ කාන්දු වු රසායනික ද්‍රව්‍ය හේතුවේන් මෙම වගාවන් සියල්ලම විනාශයට පත්ව තිබු අතර ඒ පිලිබද ධිවර අමාත්‍යංය හා ජලජිවි වගා සංවර්ධන අධිකාරය එක්ව කරන ලද සමික්ෂණයේ වාර්තාව අදාල නෞකාව රක්ෂණය කර තිබු සමාගමට ලබා දිමෙන් අනතුරුව මෙම වන්දි මුදල ලබාදිමට එම සමාගම කටයුතු කර තිබුණි.

මෙහිදි අදහස් දැක් වු ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මත්ෂ්‍ය අපනයනයෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන අතර ඉන් මොදා මත්ෂ්‍ය වගාවට සුවිශේෂි ස්ථානයක් හිමිවන බවත් ඒ සදහා මෙම වන්දි මුදලට අමතරව තවත් මුදලක් ලබා දිමට අදාල රක්ෂණ සමාගම් සමග සාකජ්ජා කොට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය
මෙම අවස්ථාවට සහභාගිවිමට ප්‍රථම දික්ඹවිට ධිවර වරායේ සහ උස්වැට කෙයියාව නැංගුරන් පළ නිරික්ෂය කළ අමාත්‍යවරයා එවායේ පවතින අඩු පාඩු කඩිනමින් සංවර්ධය කිරිමට කටයුතු කරන ලෙස නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි