නිමල් රාජපක්ෂ-
දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර , මත්පැන් ජාවාරම් කරුවන්, හෙරොයින් , ගංජා , අයිස් , තිරු බදු නොගෙවු සිගරැට් , බලපත්‍ර නොමැතිව විදේශීය හා දේශීය මත්පැන් විකිණීම් , මහ රා සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් හා බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවිකළ හෝටල් ,ආපනශාලා හා රටබීම හල් වටලා රුපියල් මිලියන 121 දඩ ආදායමක් රජයට ලබාදීමට සුරාබදු දෙපාර්තුමේන්තුව සමත්වී ඇත.
මෙම වැටලිම් මේ වසරේ පලමු අඩවසර තුළ (ජනවාරි මස 1 වැනිදා සිටි ජුනි 30 වැනිදා දක්වා) සිදු කළ අතර මෙහිදි මත්පැන් ජාවාරම් කරුවන් 20121 ක අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ තුළ කාන්තාවන් 2687 ක් සිටින බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක සුරබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිිංහ මහතා පවසයි.
දිවයින පුරා සිදුකළ වැටලිම් වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ ඒ ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් රුපියල් 82,563,449.00 ( මිලියන 82 ක් )_දඩ මුදලක් අයකර ගෙන ඇත.
මිට අමතරව දිවයිනපුරා ඇති හෝටල් ආපනශාලා හා රටබීමහල්වල සිදු කළ බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කිරීම් සදහා බලපත්‍ර ලාභීන් 2382 කුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට බලපත්‍ර ලාභීන්ගේ පෙරවැරදි සලකා බලා ඹවුන්ගෙන් රුපියල් රුපියල් 38,476,534.50 (මිලියන 38)ක සමථ ගාස්තුවක් අයකර ගත් බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.
සුරාබදු මුලස්ථානයේ ඉදිකල මෙහෙයුම් මැදිරියේ 1913 දුරකථන අංකයට මහජනතාව ලබා දුන් තොරතුරු අනුව වැටලිම් රැසක් පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයකට ආසන්න පිරිසක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සුරාබදු මුලස්ථානයේ ඇති 1913 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, oicoptroom@excise.gov.lk විද්‍යුත් තැපෑල මගින් ද තොරතුරු ලබා දෙන ලෙසත්, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය රකින බවත් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
