Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩ වර්ජන මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කලේය..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩ වර්ජන මාලාව ආරම්භ කර තිබිණ.