නිමල් රාජපක්ෂ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවධානය යොමු විය.
මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වැනි දින දක්වා යොමු කළ හැකි අතර එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවද යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යතුමා පැවසීය.
මෙම සාකච්ඡාවට යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි Ms. Paola Pampaloni, (Acting Managing Director for Asia and the Pacific in the European External Action Service, EU co-chair of the Joint Commission ), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරේනෝ ( Ms. Carmen Moreno, EU Ambassador, Head of EU Delegation Colombo), යුරෝපා කොමිසමේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ INTPA අධ්යක්ෂ ජනරාල් හා මැදපෙරදිග/ගල්ෆ්, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව යන අංශවල වැඩබලන ප්‍රධානී ජෑන් හොස්කින්ස් ,(Mr. Jan Hoskins, Acting Head of Unit Middle East /Gulf, Central Asia, South Asia, DG INTPA, European Commission, co-chair of the Working Group on Development Cooperation), කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ දේශපාලන අංශ ප්‍රධානී/ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ගලිජා අගිසේවා (Ms. Galija Agiševa, Head of Political Section/ Deputy Head of Delegation, EU Delegation Colombo)
යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ASIAPAC.6 අංශයේ ශ්‍රී ලංකාව සඳහා නිලධාරී ඈන් වැන්හවුට් (Ms Ann Vanhout, Desk Officer for Sri Lanka, ASIAPAC.6 Division, European External Action Service) , යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ කොළඹ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙසේ මහතා ( Mr. Johann Hesse, Head of Cooperation, EU Delegation Colombo) යුරෝපීය කොමිසමේ INTPA අධ්යක්ෂ ජනරාල් කාර්යාල නිලධාරී පීටර්ස් තියඩෝර් ( Mr. Petros Theodorou, Desk Officer, DG INTPA, European Commission) සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගි විය.
