Spread the love

අධික වේගයෙන් ධාවනය කල යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව දොඩන්ගොඩ, ගැටගහහේන නෑහින්න මාර්ගයේදි පාරෙන් ඉවතට පැන ඊයේ (6) රාත්‍රියේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි දොඩන්ගොඩ පොලීසිය පවසයි. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු නාගොඩ හා විල්පාත රෝහල්වලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මරණකරුවන් අවුරුදු 37 හා 42 යන වයස්වල පසුවන නෑහින්න හා නෑබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ මෘත ශරීරයන් එම රෝහල්වල මෘත ශරීරාගාර වල තැන්පත් කර ඇත.

සිද්ධිය පිළිබදව දොඩන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.