අන්තර්ජාලය හරහා ලොවපුරා මුදල් වංචාවන් සිදුකළ කල්ලියක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි.
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ ඇඩිලේඩි සහ මෙල්බර්න් හි පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් ඩොලර් මිලියන 1.7කට ආසන්න මුදලක් මෙලෙස වංචනික ලෙස උපයාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඔවුන් මෙම මුදල් ඔස්ට්‍රේලියානුවන්ගෙන් සහ විදේශිකයින්ගෙන් වංචා කර ඇත බවද හෙළිවී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති කණ්ඩායම විසින් මෙම මූල්‍ය වංචාවන් සිදුකර ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිටය.
එම කාලසීමාව තුළදී මෙම සයිබර් අපරාධ කණ්ඩායම විසින් වංචාවන් 15 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවද හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සන්තකයේ තිබූ ව්‍යාජ ගමන් බලපත්‍ර තොගයක් ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
ඉන්දුනීසියාවේ ව්‍යාපාරයක් එකවර ඩොලර් 100,000කට ආසන්න මුදලක් පාඩු ලැබීමත් සමඟ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව මේ වනවිට ගොනුකර ඇති චෝදනාවන් ඔප්පු වුවහොත් වසර 60ක සිර දඬුවමකට ලක්වීමට සිදුවනු ඇති බවය.