Spread the love

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි .

මෙරටින් මේ වන විට  හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙක් වන අතර එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ගෙන ඇති බවයි විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් සඳහන් කළේ.