Spread the love

මුල්කිරිගල ගුණරත්න

විදුහල්පතිවරු ස්ථාන මාරු වීම් ලබා ගැනීමට අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් අනිද්දාට (03) පෙර ඉදිරිපත් කල යුතු බව දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

වසර 7කට වැඩි කාලයක් දකුණු පලාත් සභා පාසල් වල සේවයෙන් නියුතු විදුහල්පතිවරු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ශික ස්ථාන මාරුවීම් යටතේ මෙම වසරේ මාර්තු මස 03 වන දින සිට මාරු කිරීමට පියවර ගෙන ඇති බැව් දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. ජේ .ආර් . පතිරණ මහතා පවසයි.

වසර 7 ක කාලයක් එකම පාසලේ සේවය කල විදුහල්පතිවරුන්ගෙන් සහ වසර 03 ක් හා වසර 07 ක කාලයක් එකම පාසලේ සේවය කල විදුහල්පතිවරුන්ගෙන් අයදුම්පත් කැදවා වාර්ශික ස්ථාන මාරු මණ්ඩලයේ නිර්දේශ මත මෙකී ස්ථාන මාරු වීම් නියෝග සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු අභියාචනා ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම් එම අභියාචනා අයදුම්පත් පෙරවාරි මස 03 වන දිනට පෙර ඉදිරිපත් කල යුතු බවද අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි.