Spread the love

නිමල් රාජපක්ෂ
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ තේමාව පෙරදැරිව පැවැත්වෙන 78 වෙනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2026 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාව නිදහස ලද 1948 පෙබරවාරි මස 04 වැනි දින එවකට රාජකීය නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර ආචාරය පිරිනමා ඇත. එතැන් සිට ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව නාවික හමුදාව විසින් පවත්වාගෙන එනු ලැබ ඇත.

තවද හෙට (2026 පෙබරවාරි 04) 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ අවස්ථාව ජනතාවට සජීවීව මාධ්‍ය ඔස්සේ නැරඹීමට කටයුතු සූදානම් කර ඇති අතර. ගාලුමුවදොර පිටියේ සිටද එම අවස්ථාව නැරඹීමේ හැකියාව ඇත.