ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
රූපලාවන්‍ය නිෂ්පාදන හරහා සෞඛ්‍යමය තර්ජනයක් හා ඒ හරහා කළු සල්ලි ජාවාරමක් ද ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.