මෙරට ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය නංවාලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහයෝගය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට අප රටේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර ඒවා පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව අතර පවතින දුරස්ථ සබඳතාවය හේතුවෙන් එම මධ්‍යස්ථානවලින් නිසි ප්‍රයෝජන නොලැබී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියයි.
විශේෂයෙන් අවම පහසුකම් සහිත වීම නිසා මෙම ආර්ථික මධ්‍යස්ථානවල දී හානියට පත්වන පලතුරු හා එලවළු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. එම සංවිධානය විසින් කරන තද අනාවරණයකට අනුව මෙරට පලතුරු අපතේ යාම නිසා වාර්ෂිකව සිදුවන ආර්ථික හානිය ඇමරිකන් ඩොලර් මිලියන 90කි.
එමෙන්ම එලවළු අපතේ යාම නිසා සිදුවන ආර්ථික හානියෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 110ක් බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි.
අද දින (28) පෙරවරුවේ මෙරට ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය සඳහා වන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ යන මහත්වරු මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh ප්‍රධාන තාක්ෂණ උපදේශක Dr. Thomas Kring යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
අප රටේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පාරිභොගිකයින් හා ගොවි ජනතාව තෘප්තිවන අයුරින් සේවාවන් සැපයීම දක්වා ප්‍රවර්ධනය විය යුතු යැයි පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආර්ථික මධ්‍යස්ථානවලින් සිදුවන සේවාවන් පුළුල් කිරීම සඳහා දැනට සිදු කෙරෙන ව්‍යාපෘති වාර්තාව මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.
එමෙන්ම මෙම කටයුතු සඳහා තම සංවිධානයේ උපරිම සහයෝගය පළ කරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh මහත්මිය ප්‍රකාශ කළාය.