Spread the love

ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අනුව ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය සඳහා වන උපායමාර්ග කඩිනම්ව සහ ඵලදායීව ක්‍රියාවට නැංවීම මත ආර්ථිකය සිඳීමකින් යුතු ලෙස යථා තත්ත්වයට පත්වීම රඳාපවතින බවද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මේ බව සඳහන් වේ.

මැදිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකයේ මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද පවතින ලෝක වෙළෙඳ අවිනිශ්චිතතා සහ වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ඉහළ ආර්ථික වර්ධන තත්ත්වයට බලපෑම් ඇති විය හැකි බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.