Spread the love

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවය.

ඊයේ (03) රාත්‍රී ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, අමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාක්ස් කියන ආයතන තුන සම්බන්ධයෙන් තෙල් බෙදාහැරිමේ බලය පවරන්න ඔබතුමන්ලා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා. ගිවිසුම්වලට එළඹුනා ද?