Spread the love

නිමල් රාජපක්ෂ –

සිය ඉල්ලිම් වලට මසක් ඇතුළත විසදුම් ලබා දෙන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු ව මත හෙට (6)පැවැත්වීමට තිබු වැඩ වර්ජනය අත්හිටවු බව සුරාබදු දෙපාර්තුමේන්තුවේ වෘත්තිය සමිති එකමුතුවේ ලේකම් හා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
සිය ඉල්ලිම් වලට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ,මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය හා වෘත්තය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය යන මහත්වරු සමග පැවැති සාකච්ජාවලින් පසු මෙම තිරණය ගත් බවත් අවුරුදු සමයේ වෘත්තිය ක්‍රියා මාර්ගයකට යාමෙන් රජයට එක් දිනකට රුපියල් කෝටි සියයකට අධික පාඩුවක් දැරීමට සිදුවන බැවින් මෙම වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවද පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න