Spread the love
හිරු එළිය පතිතව තිබියදීම එළිමහනේ සිටින අයගේ සෙවණැල්ලත් කෙටි වේලාවකට අතුරුදන්වු   සිද්ධියක් අද (07)  අද සිදුවී තිබිණ. 
එනම්  මධ්‍යහන 12.12ට හිරු මුදුන්ව පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස යම් වස්තුවක සෙවනැල්ල නොපෙනී යන අතර එළිමහනේ සිටින අයගේ සෙවණැල්ල එක් මොහොතකට අතුරුදන් වන ආකාරය දැකගත හැකිවුණි.

පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණයේදී ඇතැම් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු මුදුන්වීම සිදුවෙයි.

එවන් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු කිරණ සිරස්ව එල්ලවීම නිසා එම ස්ථානවල පවතින වස්තූන්ගේ සෙවණැල්ල තාවකාලිකව අතුරුදන්වීම සිදුවෙයි.

එවන් දිනයන් හඳුන්වන්නේ Zero Shadow Day ලෙසය.

මේ වසරේ අප්‍රේල් මස 05 වනදා සිට අප්‍රේල් 15 දින දක්වා දින 10ක කාලයක් සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන්ව ගමන් ගනී.