නිමල් රාජපක්ෂ
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
ඒ යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.
හෙට (04) ආරම්භ කිරිමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍යවන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීම සම්පුර්ණ වේ.
