නිමල් රාජපක්ෂ
මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් දාහතක් (17), කැස්බෑ බිත්තර ගණනින් තිස් නවයක් (39) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් දාහතක් (17), කැස්බෑ බිත්තර ගණනින් තිස් නවයක් (39) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 32 අතර වයසේ පසුවන මන්නාරම නච්චිකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, කැස්බෑ මස්, කැස්බෑ බිත්තර තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
