Spread the love

කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ප‍්‍රධාන ආහාර වල මිල ගණන් පහළ බැස්සවීම සඳහා මෙම පියවර ගැනීමට සොයා බලමින් සිටින බව ද හෙතෙම පැවසීය.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලද ආකාරයටම කුකුල් මස් ද ආනයනය කර සාධාරණ මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටියි.

මෙරට කුකුල් මස් මිල ඉහළ යාමට හේතුව වෙළෙන්දන් සහ බෙදාහරින්නන් ගේ බලපෑම බවද පවසන ඔහු නිෂ්පාදකයන් විසින් පාරිභෝගිකයන් සූරා කන බවටත් චෝදනා කළේය.